රසායනික පොහොර ආනයනට වැයවන මුදල ගොවියන්ට බෙදා දෙනවා – ජනපති පොරොන්දුවේ .

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රසායනික පොහොර ආනයනයට  වැය කෙරෙන. රුපියල් මිලියන 80,000 ක මුදල ගොවියාට ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටී .

. අද පැවැති ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩල දිස්ත්‍රික් ගොවි නියෝජිත හමුවේදී ජනපතිවරයා මේ බව පැවසීය

කාබනික වගාවවෙනුවෙන් රජය ආරම්භ කර ඇති  වැඩපිළිවෙළ අඛණ්ඩව හා සාර්ථක කර ගැනීමට ,කාබනික පොහොර අවශ්‍ය ප්‍රමාණය, රසායනික පොහොර ලබාදුන් ආකාරයටම ගොවීන්ට ලබාදීමට සලස්වන බවද ජනපතිවරයා පැවසීය ..

ගොවීන් මෙතෙක් ලබාගත් ආදායම අඩුවීමට ඉඩ නොතබන බවත්, ආදායම් අඩුවුවහොත් එම ප්‍රමාණය රජය මගින් ලබාදෙන බවත්, ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය ..

.