මින්නේරියේ පහරදීමේ සිද්ධියේ මේජර් ජෙනරාල්ට ඇප

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

මින්නේරිය වනෝද්‍යානයේ රාජකාරියේ නිරතව සිටි වනජීවී නිලධාරියෙකුට පහරදී රාජකාරියට බාධා කිරීමක් සම්බන්ධයෙන් සැකපිට හබරණ පොලීසිය අත්අඩංගුවටගත් මේජර් ජනරාල්වරයා ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (01) මුදා හැර තිබේ.

ඔහු ඊයේ පෙරවරුවේ අත්අඩංගුවට ගැනුණේ පෙරේදා දිනයේ අධිකරණයට විසින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පැනවූ නියෝගයකට අනුවයි.

හබරණ පොලීසියේ නිලධාරීන් විසින් සැකකාර මේජ්ර් ජනරාල්වරයාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එසේ ඔහුට ඇප නියම කර ඇත.