නවතම පුවත්

ආණ්ඩුව පිටින් යන යහපාලනයේ මෙන්ඩිස් සංදර්ශනය

අසංක

අසංක

තිසාක්‍ය සුගතපාල

යහපාලන ආණ්ඩු සමයේ රාජ්‍ය බැංකුවලින් ලබාගත් ණය සහ මේ දක්වා නොගෙවූ බදු මුදල් ලෙස රජයට අයවිය යුතු රුපියල් බිලියන 14ක් මුදල් අයකර ගැනීමට වෙනත් ක්‍රමවේදයක් නොමැති නිසා මෙන්ඩිස් සමාගමේ අත්හිටුවා තිබූ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය දැඩි කොන්දේසි මත නැවත ලබා දීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීම නිසා බදු මුදල් හා ණය මුදල් සම්බන්ධයෙන් කිසිඳු ගෙවීමක් කළ නොහැකි මට්ටමට බංකෙලොත්වී සිටින්නේයැයි මෙන්ඩිස් සමාගම පෙන්වාදී තිබිණි.

මේ නිසා අදාළ ණය මුදල් මෙන්ම බදු මුදල් පැහැර හැරීමට මෙන්ඩිස් සමාගම කටයුතු කිරීමෙන් රාජ්‍ය බැංකු සහ බදු අයකරන ආයතන දැඩි අසීරුතාවයකට පත්විය.

යහපාලන රජය මෙන්ඩිස් සමාගමට බදු හා ණය මුදල් පැහැර හැරීමට රිසි සේ අවසර දී තිබූ අතර වත්මන් ආණ්ඩුව එම මුදල් අයකර ගැනීමේ අරමුණ ඇතිව ආයතනයේ නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවමින් එම මුදල් ගෙවීමට මෙන්ඩිස් සමාගමට දන්වා තිබිණි.

මහජන බැංකුව සහ ලංකා බැංකුව ඇතුළු මූල්‍ය ආයතනවලට තබා ඇති රුපියල් බිලියන 6ක පමණ ණය මුදල් හෝ රුපියල් බිලියන 8කට ආසන්න බදු මුදල්වලින් සියයට 10ක් හෝ ගෙවීමට මෙන්ඩිස් සමාගමට වත්කමක් නොමැති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ රජයේ බැංකු විසින් පසුගිය දා මුදල් අමාත්‍යංශය දැනුවත් කර ඇත.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි