රට තුළ ක්‍රියාත්මක වූ සංචරණ සීමා හේතුවෙන් දෛනික කොවිඩ් මරණවල අඩුවීමක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා එස්. ගුණරත්න මහත්මිය ප්‍රකාශ කර සිටී .
කෙසේවෙතත් වර්තමානයේ හඳුනා ගැනෙන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් නිගමනයකට එලඹීමට තවත් මාසයක පමණ කාලයක් ගතවනු ඇති බව ඇය මාධ්‍ය වෙත අවධාරණය කර සිටියාය
මේ පිළිබඳව වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඇය මෙසේද පැවසීය
“ඩෙල්ටා ප්‍රභේදය කොළඹ ඇතුළු තවත් බාහිර ප්‍රදේශ කිහිපයකිනුත් එක්ක තවත් රෝගීන් 14ක් හඳුනාගෙන තිබෙනවා. මේ අවස්ථාවේදී අපි යම් සාමාන්‍ය තත්ත්වයක් දකින්නේ සති 3කට පෙර රට ලොක්ඩවුන් කරලා රෝගය පාලනයට කටයුතු කරපු නිසා. ඒ නිසා මරණවල අනුපාතය අඩුවීමක් තියෙනවා. දැන් බෝවන රෝගයේ ප්‍රතිඵල දකින් අපිට තවත් මාසයක් විතර යනවා. ඒ කාලය වෙනකොට අපිට පාලනයක් යොදන්න හැකියාවක් නැතිවෙයි. හැබැයි අපේ නොසැලකිල්ල නිසා මේ රෝගය ඉතාමත්ම වේගයෙන් ලංකාව පුරාම පැතිරෙනවා කියලා කියන්න පුළුවන්.”