එන්නත්කරණ වැඩපිළිවෙල තවදුරටත් වේගවත් කර වැඩි පිරිසකට කොරෝනා මර්දන එන්නත ලබාදෙන්නැයි ජනාධිපතිවරයා කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙත අද උපදෙස් ලබාදී ඇත .
එසේම විදේශ විශ්ව විද්‍යාලයන්හි අධ්‍යාපනය සඳහා යන මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටද කොවිඩ් මර්දන එන්නත වහාම ලබා දෙන ලෙස ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබාදෙ ඇත .
කොරෝනා මර්දන එන්නත ලබා නොගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විදේශ විශ්වවිද්‍යාලවලටද ,සේවක සේවිකාවන් අදාළ රටවලටද බාර නොගන්නා තත්ත්වයක් තිබෙන හෙයින් ඒ තත්වය සලකා ජනාධිපතිවරයා මෙසේ උපදෙස් ලබා දී ඇත