නවතම පුවත්

භානුක රාජපක්ෂට වසරක් සනත් ජයසුන්දරට වසර 7ක් ක්‍රිකට් තහනම්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂට වසරක ක්‍රිකට් තහනමක් පවනා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ එම තහනම වසර 2කට අත්හිටුවා ඇති බවය.

එම තහනමට අමතරව ඔහුට එරෙහිව අමෙරිකානු ඩොලර් 5,000ක දඩයක් ද නියම කිරීමට විමර්ශන කමිටුව තීරණය කර තිබුණි. පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශ කරමින් ක්‍රිඩක කොන්ත්‍රාත් කොන්දේසි උල්ලංඝනය කළ බවට ඔහුට චෝදනා එල්ල වුණි.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට්හි කාර්ය සාධන විශ්ලේෂකවරයෙක් වූ සනත් ජයසුන්දරට වසර හතක පූර්ණ ක්‍රිකට් තහනමක් ප්‍රකාශ කර තිබේ. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී විනිශ්චය සභාව විසිනි.

අයිසීසී දූෂණ විරෝධී නීති සංග්‍රහය උල්ලංඝනය කිරීමේ වරදට වරද කරු බවට තහවුරු වීමෙන් පසු මෙම තහනම පැනවිණ. මෙම ක්‍රිකට් තහනම 2019 මැයි මස 11 දා දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වන අතර එම වකවානුවේදී ඔහුගේ ක්‍රීඩා මැදිහත්වීම් තාවකාලිකව අත්හිටුවනු ලැබ තිබුණි.

හිටපු ක්‍රීඩා ඇමති හරීන් ප්‍රනාන්දු වෙත ක්‍රීඩකයෙක් ජාතික සංචිතයට ඇතුළත් කරගැනීම සඳහා අල්ලස් මුදලක් ලබා දීමට යෝජනා කිරීම සම්බන්ධව වූ මෙම පැමිණිල්ල ක්‍රීඩා ඇමතිවරයා විසින් අයි.සී.සී. දූෂණ මර්ධන ඒකකය වෙත යොමු කර තිබිණි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා