සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩ වර්ජනය අවසන් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 15 ක් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අත්හිටුවීමට එම සමිති නායකයින් තීරණය කර ඇත

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සමග අද පැවති සාකච්ඡාවකින් අනතුරුව වෘත්තීය සමිති නායකයින් මෙම තීරණයට එළඹ ඇත .

ඒ අනුව අද පස්වරු 04 සිට හදිසි සේවාවන් හැකිතාක් යතා තත්ත්වයට පත් කරන බවයි පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා මාධ්‍ය වෙත පැවසීය