අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය (A/L) ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට දැනට කටයුතු සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කර සිටී .
කෙසේ වෙතත්උසස් පෙළ විභාගය පැවැත්වීමේ දින සම්බන්ධව මත 02ක් ඉදිරිපත්ව ඇති බවද අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මාධ්‍ය වෙත පැවසීය .
ප්‍රථම වරට විභාගයට පෙනී සිටින සිසුන්ගේ ඉල්ලීම වන්නේ, විභාගය කල් දැමීම යෝග්‍ය බව වන අතර .දෙවන වරට විභාගයට පෙනී සිටින දරුවන් ඉල්ලන්නේ , ඔක්තෝම්බර් මාසයේ ම ප්‍රමාදයකින් තොරව විභාගය පවත්වන ලෙසයැයි අමාත්‍යවරයා පැවසීය .
ඒ හේතුවෙන් මේ සම්බන්ධයෙන් සාධාරණ තීරණයක් ගැනීමට සිදුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සදහන් කළේය.
ප්‍රථම වරට උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් දළ වශයෙන් දෙලක්ෂයක පමණ ප්‍රමාණයක් සිටින අතර දෙවන වරට පෙනී සිටින දරුවන් 150,000 ක් පමණ සිටින බව අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී පැවසිය.