නවතම පුවත්

“උද්ඝෝෂණ නවතා , රටට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් හදන්න එක්වෙන්න “

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව උද්ඝෝෂණවල නිරතවන්නන් සිදුකළ යුත්තේ වර්තමානයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීම මිස දේශපාලන අභිමතාර්ථ වෙනුවෙන් පෙනී සිටීම නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අවධාරණය කර සිටී ..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ බව පැවසුවේ අද (15) පුරවර විශ්වවිද්‍යාල වැඩසටහනයේ ආරම්භක අවස්ථාවට එක්වෙමිනි .නව තාක්ෂණය සමග, රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින්, කුසලතා පූර්ණ උපාධිධාරීන් බිහිකිරීමේ අරමුණ පෙරදැරිව පුරවර විශ්වවිද්‍යාල, දිවයින පුරා සියලු දිස්ත්‍රික්ක ආවරණය කෙරෙන පරිදි ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ. උසස් පෙළ සමත් එහෙත් ආර්ථික ශක්තියක් නැති, කුසලතා පූර්ණ දරුවන්ට රැකියා වෙළෙඳපොළට සරිලන උපාධියක් පිරිනැමීම පුරවර විශ්වවිද්‍යාල වැඩසටහනෙන් ජනපති අපේක්ෂා කරයි.

මෙම වැඩසටහනේ දී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙසේද පැවසීය

“උපාධියක් ලබාගන්නා බහුතරයක් රජයේ රැකියාවක් අපේක්ෂා කරනවා. එහෙත් රජයක වගකීම වියයුත්තේ රැකියා සැපයීම නොව රැකියා නිර්මාණය කරන පුළුල් ආර්ථික පසුබිමක් සැකසීමයි .පුරවර විශ්වවිද්‍යාල වැඩසටහනෙන් මා අපේක්ෂා කරනුයේ, ආර්ථිකයට සෘජුව සම්බන්ධ වියහැකි හෝ ස්වයං රැකියාවක නිරත වියහැකි දැනුමක් සහිත පුද්ගලයෙකු උපාධිය අවසානයේ නිර්මාණය කිරීමයි  .

“සියයට සියයක් රජයේ විශ්වවිද්‍යාල පවත්වාගෙන යෑමට හැකියාවක් නැහැ , නමුත්   ව්‍යාපාරික අරමුණින් පමණක් පෞද්ගලික විශ්වවිද්‍යාල පවත්වාගෙන යෑමට මා විරුද්ධයි “

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා