බ්‍රසීල ජනපතිට බරපතළ ඉක්කාවක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍ර්‍රමරත්න

බ්‍රසීල ජනපති  ජෙයර් බොල්සොනාරෝ, නිදන්ගත   ඉක්කා ගැසීමේ රෝගී තත්වයක්  හේතුවෙන් රෝහල්ගත කර ඇත.

දින 10 ක් තිස්සේ පැවතුණු මෙම තත්වයෙන් පසුව රෝහල්ගත කර ඇති බොල්සොනාරෝව සැත්කමකට ලක්කිරීමට නියමිත බව ද ඔහුගේ කාර්යාලය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත .

2018 වසරේ මැතිවරණ ව්‍යාපාරය අතරතුර ඔහු පිහි ඇනුම් ප්‍රහාරයකට ගොදුරු විය. බඩවැල් කැපී යාම සමග ඔහුගේ සිරුරෙන් 40%ක බරපතළ රුධිර වහනයක් ද මෙහිදී සිදුවූ අතර, එහි අතුරු තත්වයන් වශයෙන් අග්න්‍යාශයේ ආසාදනයක් මතු ව ඇතැයි සැක පළ කෙරේ.

රෝහල්ගත ව සිටින බොල්සොනාරෝගේ ජායාරූපයක් මේ වනවිට සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වෙමින් පවතී.