දම්පත් රණසිංහ
මන්නාරම නගරයේ පිහිටා ඇති කිතුණු සුරුවම් කිහිපයකට හානි සිදුකිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ විමර්ශනයක් ආරම්භකර තිබේ.
පොලිසිය පැවසුවේ මීට දින කිහිපයකට පෙරද එම ප්‍රදේශයේ පිහිටි දේව ප්‍රතිමාවකට එලෙස පහරදීමක් සිදුකර තිබූ බවත් මෙම සිදුවීම් සම්බන්ධයෙන් කණ්ඩායම් කිහිපයක් යොදවා විමර්ශන සිදුකරන බවත් ය.
මන්නාරම කොටුව සහ මන්නාරම බයල් වීදිය ප්‍රදේශයේ පිහිටි කතෝලික දේව ප්‍රතිමා තුනකට පෙරේදා (14) අලුයම ගල් ප්‍රහාර එල්ලකර තිබු අතර දේව ප්‍රතිමාවල තිබූ වීදුරු ආවරණ එම ගල් ප්‍රහාරවලින් කැඩි ගොස් තිබේ.
ප්‍රහාර එල්ලකළ පිරිස් පළාගොස් තිබූ හෙයින් ඔවුන් පිළිබඳව කිසිදු සාක්ෂියන් සොයාගැනීමට නොහැකි වී ඇතිබව පොලීසිය පැවසීය.
මේ අතර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේ මෙවැනි දේ සිදුකරන පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා දඩුවම් ලබාදෙන බවය.