ප්‍රබෝධා හෙට්ටිආරච්චි
සිර දඩුවම් ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට නිරූපණ ශිල්පී සම්බන්ධීකාරක, රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා තමාට හිමි නිවාස තුනෙන් එකක් භාර දෙන බව පවසයි.
ඒ ඔහු විසූ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාසයෙන් ලබන සතියේ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ බඩු බාහිරාදිය ඉවත් කිරීමට සිදුවනු ඇතැයි වාර්තා වීමෙන් අනතුරුව ය.
චන්දිමාල් ජයසිංහ සිය ෆේස්බුක් පිටුවේ වීඩියෝවක් මුදාහරිමින් කියා සිටියේ නිදහස් වූ දිනයේ සිට රන්ජන් රාමනායක මහතාට සිය නිවසක වාසය කිරීමට සියලු කටයුතු සූදානම් කරන බවයි.
නිවසක් සොයා ගන්නා තෙක් තම බඩු බාහිරාදිය මන්ත්‍රීවරයාගේ නිල නිවාසයේ තබා ගැනීමට රන්ජන් රාමනායක මහතාට මාස තුනක සහන කාලයක් ලබා දී තිබුණි. සහන කාලය මෙම මස 20 වන දිනෙන් අවසන් වේ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත වරදකරු වීමෙන් පසුව, රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි විය.
එම පාර්ලිමේන්තු අසුන මේ වසරේ අපේ‍්‍රල් මාසයේ පුරප්පාඩු වූ අතර පසුව අජිත් මන්නපෙරුම විසින් දිවුරුම් දෙන ලදී.