ඉදිරියේදී ගෝලීය වශයෙන් පාලනය කිරීමට අපහසු සහ වේගවත් ව්‍යාප්තියක් සහිත කොවිඩ් ප්‍රභේද මතුවීමේ වැඩි අවදානමක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි ප්‍රතිචාර කමිටුව අනතුරු අඟවා සිටි.
එවැනි ඇතැම් විකෘති කොවිඩ් ප්‍රභේදවලට මේ වන විට ලබා දෙමින් ඇති කොවිඩ් මර්ධන එන්නත් වලින් ලැබෙන ප්‍රතිශක්තිකරණය පසුකර යාමේ හැකියාවක් ඇතිවීමට ඉඩ ඇති බවද එම කමිටුව අවධාරණය කර ඇත .
ලොව පුරා මෙසේ ව්‍යාප්ත වන භයානක කෝවිඩ් ප්‍රභේද හේතුවෙන්, කොවිඩ් වසංගත තත්ත්වයේ අවසන් වීමේ ඉඩක් නොමැති බවද හදිසි ප්‍රතිචාර කමිටුව සඳහන් කර ඇත .
“ජාතික වශයෙන්, කලාපිය වශයෙන් සහ ගෝලීය වශයෙන් උත්සහ ගනු ලැබුවත් වසංගතයේ අවසන් වීමක් දක්නට නොමැති බව” ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි ප්‍රතිචාර කමිටුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
ගෝලීය වසංගත තත්ත්වය කෙරෙහි අවදානය යොමු කරමින් එම කමිටුව සඳහන් කර සිටින්නේ ප්‍රභේද හතරක් සමග වසංගත තත්ත්වය දැනටමත් අඛණ්ඩව ව්‍යාප්ත වෙමින් පවතින බවය.