ජංගම දුරකතනය නොමැතිවද, වට්ස්ඇප් පණිවුඩ යැවීමේ ක්‍රමයක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලොව පුරා අතිශය ජනප්‍රිය පණිවිඩ හුවමාරු මාධ්‍යයක් වන වට්ස්ඇප් මෘදුකාංගය  මේ වනවිට ජංගම  දුරකථනයක් නොමැතිව පවා  පණිවිඩ යැවීමේ පහසුකම ලබාදීමට පියවර ගනිමින් සිටී .

. වට්ස්ඇප් ජංගම දුරකථන මෘදුකාංගය මේවනවිටත්  ඩෙස්ක්ටොප්, ලැප්ටොප් හා ටැබ් යන පරිගණක හරහා පණිවිඩ හුවමාරුවට සම්බන්ධ විය හැකි නමුත්  ඒ සඳහා ජංගම දුරකථනයක් උපයෝගී කර ගැනීම අනිවාර්යය වේ..

නමුත්  වට්ස්ඇප් සමාගම  මේවනවිට පරීක්ෂණ සිදුකරමින් සිටින්නේ ජංගම දුරකථනයේ බැටරිය අක්‍රීය වූ අවස්ථාවක වුවද අදාළ පරිගණක හරහා පණිවිඩ හුවමාරුවට පහසුකම් සැපයීමටය.

ඩෙස්ක්ටොප්, ලැප්ටොප් හා ටැබ් යන පරිගණක ඇතුළු මාධ්‍ය 04 කට අධික සංඛ්‍යාවකට නව පහසුකම ලබාදීමට සැලසුම් කර ඇත

මේවනවිට ද මෙම ක්‍රමවේදය කුඩා කණ්ඩායමක් උපයෝගී කර ගනිමින් සාර්ථකව අත්හදා බලමින් සිටින බව වාර්තාවේ