මෙරට තුළ ඊයේ (15) දිනය තුළ පමණක් කොවිඩ්-19 ආසාදිත මරණ 41ක් සිදුවී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කර තිබේ.
ඒ අනුව මෙරට තුළ මෙතෙක් කොවිඩ් ආසාදනයෙන් මියගිිය සමස්ත පුද්ගලයන්ගේ සංඛ්‍යාව 3702 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර අද දිනයේදී පුද්ගලයින් 1446 දෙනකු කොවිඩ් ආසාදනය වූ බවට තහවුරු වී ඇත.
ඒ අනුව මෙරට තුළ කොවිඩ් ආසාදනය වු බවට තහවුරු වූ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 273881කි.
සක්‍රීය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 23,407 ක් වන අතර සෙසු අය සුවය ලබා ඇත.