උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් හමුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීමට නියමිත ය.
අද පස්වරු 6.00 ට ජනාධිපති මන්දිරයේදී එය පැවැත්වෙනු ඇත.
ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව හෙට (19) සහ අනිද්දා (20) යන දිනවල දී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.