ප්‍රබෝධා හෙට්ටිආරච්චි
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ‘මුදල් සංශෝධන පනත් කෙටුම්පත’ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබේ.
පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර ඇත.
මුදල් ඇමැතිවරයා විසින් ඉදිරිපත් කර ඇති එම කෙටුම්පත නීතියක් බවට පත් වීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙස මෙම පෙත්සමෙන් ඉල්ලා තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිගු කලක් කටයුතු කල සුනිල් හඳුන්නෙත්ති මහතා 2012-2020 අතර කාලයේ දී කෝප් කමිටුවෙ හි සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.
එහිදී ඉහළ නිලධාරීන් සහ දේශපාලනඥයන් එක්වී කල මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගැනීමට සමත් වූ බව පෙත්සම්කරු කියයි .
මෙම නව සංශෝධනය ඔස්සේ නීතිවිරෝධී ලෙස උපයාගත් මුදල් නීත්‍යානුකූල කර ගැනීමට අවසර සලසා ඇති බවට චෝදනා කර සිටියි.