නවතම පුවත්

අලි-මිනිස් ගැටුම නිසා වැඩියෙන්ම වන අලි මියෙන රට ශ්‍රී ලංකාවයි – කෝපා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

අලි-මිනිස් ගැටුම නිසා 2019 වර්ෂයේදී අලි ඇතුන් 407 දෙනකු සහ පුද්ගලයන් 122කු මියගොස් ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ( කෝපා) වාර්තාවකින් අනාවරණය වෙයි.

මේ අතර අලි-මිනිස් ගැටුම නිසා වන අලින් වැඩියෙන්ම මියයන රට ලෙස ශ්‍රී ලංකාව පත්ව ඇතැයි තොරතුරු හෙළිවී ඇති  බවද  කෝපා කමිටු වාර්තාව පවසා තිබේ.

අලි මිනිස් ගැටුම නිසා මිනිස් මරණ සිදුවන රටවල් අතර ශ්‍රී ලංකාව දෙවැනි තැනට පත්ව ඇති බවද සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම හේතුවෙන් වසරකට මියයන අලි ඇතුන් ප්‍රමාණය සාමාන්‍යයෙන් 272 කි.

එසේ වුවත්  2019 වසරේදී  අලිඇතුන් 407 දෙනෙකු මිය ගොස් ඇත.

අලි මිනිස් ගැටුම හේතුවෙන් සාමාන්‍යයෙන් වසරකට මිය යන  මිනිසුන් ගණන 85 ක් වුවද 2019 වසරේ  මිනිසුන් 122 දෙනෙකු මියගොස් ඇති බවද එම රැස්වීමේදී හෙළි විය.

එහෙයින්  මෙම ගැටලුව සදහා කඩිනමින් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව කමිටුව සිය නිර්දේශ ඔස්සේ අවධාරණය කර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා