දෛනික ආසාධිතයින් ගණන 4000 පනී !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඊයේ දින  පලමු වරට මෙරට  දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4,000 සීමාව  ඉක්මවා ගියේය .

ඒ අනුව මෙරටින් කොරෝනා ආසාදිතයින් 4,282 දෙනෙකු ඊයේ  වාර්තා විය

මේවනවිට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ථ කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව තුන් ලක්ෂ 90,000 ක් වන අතර ඉන් සක්‍රීය  ලෙස මේවනවිට වාර්තා වන  ආසාදිතයින් සංඛ්‍යාව  40,475 වේ..

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ඊයේ තවත් කොරෝනා මරණ 183 ක් තහවුරු කල අතර .එම සියලු මරණ ඉකුත් 21 වනදා සිදුව ඇත.

එලෙස මියගිය පුද්ගලයින්ගෙන් 136 දෙනෙකුම අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩවල පසුවූවන්. අවුරුදු 30 ත් 59 ත් අතර වයස් කාණ්ඩයේ පසුවූ පුද්ගලයින් 45 දෙනෙකු හා අවුරුදු 30 ට අඩු වයස් කාණ්ඩයේ පසුවූ පුද්ගලයින් 02 දෙදෙනෙකු ද මියගිය පුද්ගලයින් අතර වේ..

මේ අතර කොරෝනා ආසාදිතව මෙරටදී මේවනවිට මියගොස් ඇති පුද්ගලයින්ගෙන් සියයට 91 ක්ම කිසිඳු කොරෝනා එන්නතක් ලබා නොගත් පුද්ගලයින් බවයි වසංගත රෝග විද්‍යා අංශයේ වැඩබලන ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ පැවසුවේය