තලිබාන් කල්ලියෙන් ඉන්දියාවට තර්ජනයක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඇෆ්ගනිස්තානයේ බලය තලේබාන් සංවිධානය අතට පත්වීමත් සමග සිය ආරක්ෂක තත්වය පිළිබද සමාලෝචනය කර නව ආරක්ෂක සැලසුම් සකස් කිරීමට ඉන්දියාව පියවර ගෙන ඇත.

හින්දු පුවත්පත වාර්තා කර ඇත්තේ , ඉන්දියාව තුළ තහනම් ත්‍රස්තවාදී සංවිධාන දෙකක් වන ලක්ෂාර් ඊ තයිබා සහ ජායිෂ් ඊ මොහොමඩ් යන සංවිධාන පසුගිය කාලය තුළ ඇෆ්ගනිස්තානයේ සටන්වලට සම්බන්ධ වී ඇති බවය.

එම සංවිධාන දෙකෙහි ප්‍රධාන කාර්යය ජම්මු හා කාශ්මීරයේ ත්‍රස්තවාදී ක්‍රියාවල නිරතවීම වුවත් ඒවායේ සාමාජිකයන් ඇෆ්ගනිස්තානයේ සටන්වලට ද සම්බන්ධව සිටි බව තහවුරැ වී තිබෙ.

විශේෂයෙන්, ජායිෂ් ඊ මො⁣හොමඩ් සංවිධානයේ කොමාන්ඩෝ සාමාජිකයන් තලේබාන්වරැන් සහ හක්කානි ජාලය සමග එක්ව ඇමරිකානු සහ නේටෝ හමුදාවලට එරෙහිව පවා සටන් කර ඇති බව සදහන්.වේ.