ZOOM ඇනිහිටී – පාසල් ඉගෙනුම් – ගෙදර ඉඳන් වැඩ නවතී

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාව ඇතුළුව ලොව පුරා රටවල් ගණනාවක zoom මෘදුකාංගය අද ඇනහිට තිබේ.

මේ වන විට ශ්‍රී ලංකාව මෙන්ම ලොව රටවල් ගණනාවක් ඉගෙනුම් සහ කාර්යාලයේ කටයුතු සිදුකරනු ලබන්නේ zoom මෘදුකාංගය ඔස්සේය.

Conference සඳහා අලුතින් සම්බන්ධ වන සහ සම්බන්ධ වෙමින් සිටි අයට මෙන්ම තම ගිණුමට අලුතින් ලොග් වූ පරිශීලකයන්ට මෙම අපහසුතාවට මුහුණදීමට සිදුවී ඇත.

මෙරට තුළ zoom ඔස්සේ පාසල් ඉගෙනීම් කටයුතු කරමින් සිටි දරුවන් මේ හේතුවෙන් අසීරුතාවට ලක්ව ඇතැයි වාර්තා වේ.

රටවල් ගණනාවක මෙම තත්වය වාර්තා වන බව විදෙස් වාර්තා පැවසීය.

යම් අයකුගේ දුරකථනයෙන් හෝ ලැප්ටොප් එකේදී ඔබට මෙම ගැටළුවට මුහුණ දීමට සිදුවුවහොත්, යම් කාලයක් බලා සිටීමට අපි නිර්දේශ කරන බව තාක්ෂණික විශේෂඥයෝ පවසති.

අදාළ සමාගම විසින් සම්බන්ධතාවය යථාතත්ත්වයට පත් වන තුරු මෘදුකාංගය සම්පූර්ණයෙන්ම ඉවත් කොට (uninstall) නැවත ස්ථාපනය කිරීමට (install) උත්සාහ නොකරන ලෙස ඔවුහු පවසති.

Zoom පරිශීලකයින්ගෙන් සියයට 48 ක් ගැටලු සම්බන්ධ වීම අවහිර වීම පිළිබඳව පැමිණිලි කර ඇත. පරිශීලකයින්ගෙන් සියයට 30 කට අලුතින් වීඩියෝ සම්මන්ත්‍රණයක් ආරම්භ කිරීමට නොහැකි වුවද. අනෙක් පරිශීලකයින්ගෙන් සියයට 23 ක්ම සූම් වෙබ් අඩවියට ඇතුළු වීම සහ අවහිරතා ගැන පැමිණිලි කර ඇත.