නවතම පුවත්

ඇෆ්ගනිස්ථානයේ අර්බුදය අස්සේ ලාංකිකයන් 66ක් මුදාගැනෙති

අසංක

අසංක

ඇෆ්ගනිස්ථානයේ මතුවූ අර්බුදකාරී තත්ත්වය හමුවේ අද(30) වනවිට එහි සේවය කළ ශ්‍රී ලාංකිකයන් 66 දෙනෙකු ඉවත් කරගෙන ඇති බව විදේශ කටයුතු අමාතයාංශය පවසයි.

තවත් 7 දෙනෙකු ඉවත් කර ගැනීම සඳහා ඉතිරිව සිටින අතර, ශ්‍රී ලාංකිකයින් විසි දෙදෙනෙකු (21) දැනට ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටීමට තීරණය කොට ඇත.

ශ්‍රී ලංකාව සිය ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහය ඇතිව ඇෆ්ගනිස්ථානයෙන් සිය පුරවැසියන් ඉවත් කර ගැනීම සඳහා පහසුකම් සැලසූ අතර ඒ අනුව එම පිරිස ගලවා ගැනිණි.

එරට මතුවන ප්‍රවණතා පිළිබඳව විදේශ කටයුතු අමාතයාංශය අඛණ්ඩව නිරීක්ෂණය කරන අතර, මානුෂීය අංශය ඇතුළුව එහි පවතින තත්වය පිළිබඳව සැලකිල්ලෙන් පසුවන බව ද නිවේදනය කර ඇත.

ගමන් කිරීම සඳහා අවසරය ලැබී ඇති සියළුම දෙනාට ආරක්ෂිතව හා විධිමත් ලෙස පිටවීමේ ස්ථානය දක්වා ගමන් කිරීමට සහ ඇෆ්ගනිස්ථානයෙන් පිටත් වීම සඳහා අවසර දෙනු ඇතැයි ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා