ඔන්ලයින් ගුරු වර්ජනය දිගටම

Picture of Roshan

Roshan


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

වැටුප් වැඩිවීම ලබානොදීමට විරෝධය පළකරමින් ඔන්ලයින් ඉගැන්වීම් වර්ජන ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදු කිරීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති තීරණය කර තිබේ.

එම තීරණය ගනු ලැබුවේ අග්‍රාමාත්‍යවරයා පෙරේදා ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් ගුරු විදුහල්පති සංගම් ඊයේ (13) පැවැත්වූ සාකච්ඡාවකින් පසුවය.

අදියර දෙකක් යටතේ වැටුප් වැඩි කිරීමේ රජයේ යෝජනාවට එකඟ නොවන බැවින් සිය වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ගුරු විදුහල්පති වෘත්තීය සංගම් පවසයි.

ලබන 21 වැනිදාට කලින් මෙම ගැටලුව විසඳන ලෙස ද ගුරු සංගම් ආණ්ඩුවට බලකර සිටී.