නවතම පුවත්

බෙල්ලන්විල පන්සලේ තාප්පය ළඟ බෝම්බයක්

Roshan

Roshan


දම්පත් රණසිංහ

බෙල්ලන්විල විහාරස්ථානයේ වලාකුළු බැම්ම අසල තිබී අත්බෝම්බයක් ඊයේ (13) හමුවී තිබේ. ඉටි බෑගයක දමා එම බෝම්බය කිසියම් අයෙක් විසින් එම ස්ථානයේ දමා ගොස් ඇතැයි පොලීසිය සැකකරයි.

මෙම බෝම්බය මුලින්ම දැක ඇත්තේ විහාරස්ථානයේ සේවකයින් දෙදෙනකි. ඔවුන් විසින් පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය කැදවා එය ආරක්ෂිතව පුපුරවා හැර නිෂ්ක්‍රීය කර තිබේ. මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් පැවැත්වීමට පොලීසිය කටයුතු කරයි.

නාරාහේන්පිට පිහිටි ලංකා රෝහලේ පළමු මහලේ වැසිකිළියක තිබී මදුරු දඟරයක් අලවා පුපුරායාමට සලස්වා තිබූ අත්බෝම්බයක් හමුවූයේ මීට හරියටම මාසයකට පෙර ය. එම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට බෝම්බය ඇටවූ පුද්ගලයා ඇතුළුව කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන සිටී. ඔවුන්ගෙන් ඇතැමෙක් හිටපු එල්ටීටීඊ සාමාජිකයන් ය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා