නවතම පුවත්

ප්‍රවීණ මාධ්‍යවේදී වසන්ත ප්‍රිය රාමනායක මහතා අභාවප්‍රාප්තවේ!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

80 දශකයේ සිට වසර හතරකට ආසන්න කාලයක් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ ජේෂ්ඨ මාධ්‍යවේදී වසන්ත ප්‍රිය රාමනායක මහතා අභාවප්‍රාප්ත විය.

මිය යන විට 67 වියේ පසු වූ එතුමා දෙදරු පියෙකි. පෙරමඟ සඟරාවේ මාණ්ඩලික ලේඛකයෙකු ලෙස සිය මාධ්‍ය ජීවිතය ඇරඹූ රාමනායක මහතා පසුව එහි සහ දෙසතිය සඟරාවේ ප්‍රධාන සංස්කාරක ලෙස කටයුතු කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂකවරයෙකු ලෙස ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ මාධ්‍ය අධ්‍යක්ෂ වරයෙකු ලෙස ද එ් මහතා කටයුතු කළේය.කෙටි කලක් ලේක්හවුස් ආයතනයේ සභාපති ධූරය හෙබවූ රාමනායක මහතා ප්‍රවීණ දේශපාලන විචාරකයෙකු ලෙස ද ප්‍රකටය.එතුමා ලංකාදීප පුවත්පතේ කිවිදා විග්‍රහය දේශපාලන ලිපිය දීර්ඝ කාලයක් රචනා කළ අතර ජාතික රූපවාහිනියේ ද දේශපාලන සමාලෝචන වැඩසටහන් මෙහෙය වීය.
ආසියානු කලාපයේ මාධ්‍යවේදීන් හා සාහිත්‍යධරයන් අතර පුළුල් සබඳතාවයක් ඇති කිරීම අරමුණෙන් 2015 දි ඇරඹූ ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ (AMCA ) පුරෝගාමියා වන්නේ ද වසන්ත රාමනායක මහතාය. වසන්ත ප්‍රිය රාමනායක මහතා ගාල්ල විද්‍යාලෝක විද්‍යාලීය ආදි ශිෂ්‍යයෙකි.
ඒ මහතාගේ දේහය මේ වන විට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ Respect හි තැන්පත් කර ඇත.අවසන් කටයුතු අද (15) ප.ව.3.00 බොරැල්ල සුසාන භූමියේදී සිදු කෙරේ.

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !