නවතම පුවත්

දුනු ඊතල ප්‍රහාරයකින් 5ක් මැරූ නෝර්වේ ඝාතකයා ඉස්ලාම් අන්තවාදියෙක්!

Roshan

Roshan


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

නෝර්වේ අගනුවර වන ඔස්ලෝ හි නිරිතදිග කොන්ග්ස්බර්ග් ප්‍රදේශයේ දී පෙර්දා රාත්‍රි (13)  දුනු ඊතල ප්‍රහාරයක් එල්ලකොට පුද්ගලයන් පස් දෙනෙකු ඝාතනය කොට තවත් දෙදෙනෙකු තුවාල කිරීමේ සිද්ධිය ත්‍රස්ත ක්‍රියාවක් බවට පෙනී යන්නේ යැයි එරට ආරක්ෂක අංශ පවසා තිබේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 37 හැවිරිදි ඩෙන්මාර්ක ජාතික එස්පන් ඇන්ඩර්සන් බ්‍රැතන් නම් සැකකරු ඉස්ලාම් ආගම වැළඳගෙන ඇති අතර ඔහුව රැඩිකල්කරණයට ලක් වී ඇතැයි නෝර්වේ ආරක්ෂක අංශ විශ්වාස කරයි. කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයේ අරමුණක් තවමත් නිශ්චය කර නොමැති බව ද එරට වාර්තා පැවැසීය.

ප්‍රහාරයෙන් කාන්තාවන් හතර දෙනෙකු සහ පිරිමියෙකු ඝාතනය කිරීමේ චෝදනාව සැකකරුට එල්ල වී තිබේ. පොලීසිය සැක කරන්නේ මෙම පුද්ගලයා විසින් පමණක් අදාල ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

දුනු ඊතල ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් අතර සේවයෙන් බැහැරව සිටි පොලිස් නිලධාරියෙකු ද වෙයි. සාක්ෂි ලබා ගැනීම සහ විමර්ශනය ක්‍රියාත්මක වන තෙක් එම ප්‍රදේශයේ ජනතාවට නිවසටම වී සිටින ලෙස එරට පොලිසිය නියෝග කර තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා