දම්පත් රණසිංහ
කොළඹ බ්‍රිස්ටල් වීදියේ පිහිටි බ්‍රිස්ටල් ගොඩනැගිල්ලෙහි සිව්වැනි මහලේ වැසිකිලියක සඟවා තිබී ඊයේ (14) හමුවූ ජීව පතොරම් තොගය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය පුළුල් විමර්ශනයක් ආරම්භකර තිබේ. එම ගොඩනැගිල්ලෙහි සේවයේ නිරතව සිටින සනීපාරක්ෂක සේවකයෙක් විසින් එම පතොරම් පාර්සලය මුලින්ම දැක ඒ බව කොටුව පොලීසියට දැනුම්දී ඇත.
පොලිතින් උරයක බහා තිබුණු එම පතොරම් අතර ටී 56 අවි වලට යොදන පතොරම් 176 ක්ද, මිලි මීටර් 9 වර්ගයේ පතොරම් 29 ක්ද තිබුණු බව කොටුව පොලීසිය සදහන් කරයි.
සනීපාරක්ෂක සේවකයින් පසුගිය දිනවල කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් වැසිකිලි නිසි ලෙස පිරිසිදු කිරීමක් කර නැති අතර ඊයේ පූර්ණ පරීක්ෂාවක් කිරීමේදී මෙම පතොරම් හමුවී තිබෙන බව සදහන්ය. මෙම ගොඩනැගිල්ලෙහි වැඩි වශයෙන් පිහිටා ඇත්තේ වරායේ භාණ්ඩ නිශ්කාශනය කිරීමේ කාර්යාල බවත් නිරතර විශාල පිරිසක් මෙහි ගැවසෙන බවත් පොලීසිය කියයි.