ඉන්දියානු ණය ආධාර යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 500 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇත . මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ ඉන්දිය රජය හරහා සෘජුව මෙම ණය ආධාර ලබාගන්නා බවය, ඒ, සියයට 1 කට ආසන්න පොලියකටයි.
මීට අදාළ ගිවිසුම ලබන සඳුදා මෙරටට ලැබීමට නියමිත අතර එය ලබන 25 වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට මේ වන විට තීරණය කර ඇත. මෙලෙස ඉන්දියාවෙන් ණය ලබාගන්නේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීමට බවටද තොරතුරු වාර්තාවේ .
මීට පෙර ලබාගත් ඉන්ධන වෙනුවෙන් ඊයේ දිනය වන විට ගෙවීමට තිබූ මුදල රුපියල් බිලියන 24 ක් වූ අතර . එය අදාළ සමාගම්වලට ඊයේ දිනයේදීම ගෙවා දැමීමට මුදල් අමාත්‍යංශය කටයුතු කර ඇති බවද වාර්තාවේ ..