නවතම පුවත්

“බිට්කොයින් ” මනාලිය !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පසුගිය සතිඅන්තයේ ඉරිදා ජාතික පුවත්පතක මංගල යෝජනා දැන්වීම් තීරයේ පළ කරන ලද දැන්වීමක් මෙහි දැක්වේ.

එහි ඇති විශේෂත්වය වන්නේ අදාළ මනාලිය වෙනුවෙන් ඇගේ දෙමව්පියන් විසින් දෙනු ලබන දායාදය හෙවත් දෑවැද්ද ක්‍රිප්ටෝකරන්සි වශයෙන් ලබා දෙන බවට සඳහන් කර තිබීමයි.

මෙය සැබෑ විවාහ අරමුණකින් පළ කරන ලද්දක් ද, එසේ නැතහොත් ක්‍රිප්ටෝකරන්සි ප්‍රචලිත කරලීම සඳහා පළ කරනු ලැබූ ව්‍යාජ මංගල දැන්වීමක් ද යන පැනය අදාළ දැන්වීම කියවීමේ දී පැනනගී.

කෙසේ වෙතත් දේපොළ ඉඩකඩම්, රථවාහන, රත්‍රන් වැනි සම්ප්‍රදායික දායාද වත්කම්වලින් ඔබ්බට ගොස් මෙයාකාරයේ අතථ්‍ය වත්කම්වලට වැඩි නැඹුරුවක් ඉදිරියේ අනාගතයේ දී අපට දක්නට ලැබුණොත් එය පුදුම විය යුතු කරුණක් නොවේ. ඊට සරල හේතු කිහිපයක් පහත පරිදි දැක්විය හැකිය.

අද (28) වන විට බිට්කොයින් එකක වටිනාකම ඩොලර් 59,000 ක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රු. මිලියන 12 ක් පමණ වේ. නමුත් මීට වසර 6කට පමණ පෙර බිට්කොයින් එකක මිල පැවතියේ ඩොලර් 400කටත් වඩා අඩු මට්ටමකය. එනම් රු. 45,000 ක පමණ මුදලකි. යම් අයෙක් මීට වසර 6කට පමණ පෙර බිට්කොයින්වල රු. 50,000 ක් අයෝජනය කර තිබුණේ නම් අද වන විට රු. කෝටියකට වඩා වැඩි මුදලකට ඔහු හිමිකම් කියනු ඇත. එවැනි ප්‍රතිලාභයක් ඉඩකඩම් දේපළ හෝ වෙනත් වත්කමක ආයෝජනයෙන් ලබා ගැනීමට සිතීම පවා ඉතා අසීරුය.

මේ අතර මෙරට කොටස් වෙළෙඳපොළේ ප්‍රමුඛතම ආයෝජකයෙකු වන නිමල් පෙරේරා මහතා වරක් සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් කියා සිටියේ, සිය දියණිය වෙනුවෙන් දායාද ලබා දීමට තමන්ට සිදුවුණි නම් සමාගම් 3 ක් නම් කරමින් ඒවායේ කොටස් මිලියනය බැගින් ලබාදෙන බවත්, දියණියගේ පළමු දරුවා පාසැලට ඇතුළත් කරන විට ඇය බිලියනපතිනියක වී සිටිනු ඇති බවත්ය. නමුත් තමාට එවැනි අවස්ථාවක් නොමැති බව ඔහු පවසයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා