ප්‍රබෝධා හෙට්ටිආරච්චි
අපවත් වී වදාළ කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති අග්ගමහා පණ්ඩිත ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව එළැඹෙන ඉරිදා සිදුකිරීමට නියමිතය.
මසකට අධික කාලයක් රෝගාතුරව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම හිමියන් පෙරේදා(27) මධ්‍යම රාත්‍රියේ අපවත් වන විට 84 වැනි වියේ පසුවිය.
අපවත්වන විට උන්වහන්සේ 84වැනි වියේ පසුවිය.1990 දී විද්‍යාලංකාර පිරිවෙනේ පරිවේනාධිපතිත්වයට පත් කුසලධම්ම නාහිමි එතැන් සිට අපවත් වනතුරුම සම්බුද්ධ ශාසනය බැබලවීමට කටයුතු කළ සඟරුවනකි.
පලිහවඩන ආරච්චිලාගේ ටිකිරි බණ්ඩාර නමින් 1937 පෙබරවාරි 20 වනදා කුරුණෑගල වැලමිටියාගම නම් ගම්මානයේදී උපත ලද ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම හිමි පැවිදි දිවියට එළඹෙන්නේ 1954 ජනවාරි 07 වනදාය. මල්වතු මහා විහාරයේ උපෝසතාගාරයේ උපසම්පදාව ලබාගත් කුසලධම්ම හිමි 60 වැනි දශකය මුල් භාගයේ දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් සිංහල භාෂාව පිළිබඳ ප්‍රථම ගෞරව උපාධිය හිමිකර ගත්හ. පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙන මුල්කොට ගෙන උන්වහන්සේ ධර්මශාස්ත්‍ර සේවාව ආරම්භ කළේ ඉන් අනතුරුවය.
මල්වතු මහා විහාරයේ, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක සහ උපාධ්‍යාය ධූරයන්ගෙන් පිදුම් ලැබූ නාහිමි බුරුම රජයේ අග්ගමහා සද්ධම්ම ජෝතික ධජ ගෞරවනාමයෙන් ද පුද ලැබීය. සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලය හා බුද්ධ ශාසන කොමිෂන් සභාව ආදියේ තනතුරු රැසක්ද ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ උප සභාපති ධුරයද හොබවමින් උන්වහන්සේ සිදුකළ ආගමික හා සමාජීය මෙහෙවර අතිමහත්ය.
ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම හිමියන්, විචිත්‍ර ධර්ම කථිකත්වයකින් හෙබි ස්වාමීන්වහනේසේ නමකි.
කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබූ නාහිමිගේ ශ්‍රී දේහයට ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසක් ඊයේ පස්වරුවේ අවසන් ගෞරව දැක්විය.