නවතම පුවත්

පොහොර ආරවුල නිසා චීන තානාපති කාර්යාලය මහජන බැංකුව බ්ලැක්ලිස්ට් කරයි

අසංක

අසංක

ශ්‍රී ලංකා මහජන බැංකුව අසාදුලේඛනගත කළ බව මෙරට පිහිටි චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය නිවේදනය කරයි.

මෑතකදී, ශ්‍රී ලංකා මහජන බැංකුව L/C පැහැර හැරීමේ විෂම සිදුවීමක් අත්විඳ ඇති අතර, ශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර වෙළඳාමේ දී චීන ව්‍යවසායන්ට විශාල අලාභයක් සිදු වූ බව එම නිවේදනයේ සඳහන් ය.

මෙම බැංකුව දැන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය විසින් අසාදු ලේඛනගත කර ඇති බව නිවේදනයේ සඳහන් ය.

අවදානම් පාලනය ශක්තිමත් කරන ලෙසත්, ශ්‍රී ලංකාව සමඟ ජාත්‍යන්තර වෙළෙඳාමේදී ශ්‍රී ලංකා මහජන බැංකුව විසින් නිකුත් කරන ලද ණයවර ලිපි (L/C) පිළිගැනීමෙන් වළකින ලෙසත් එම කාර්යාලය සියලුම චීන ව්‍යවසායන් වෙත සිහිපත් කරන බව ද එම නිවේදනයේ දැක්වේ.

පසුගියදා සිදුවූ චීන සමාගමිකින් කාබනික පොහොර ගෙන්වීමේ සිද්ධියට අදාළව මෙම පියවර ගෙන ඇති බව පෙනීයයි.

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා