අලුත්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව මෙන්න !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නොවැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මක කෙරෙන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබේ.

සංචරණ සීමා ඉවත් වුවද පුද්ගල රැස්වීම් සඳහා අනුබල නොදිය යුතු අතර සීමාවන්ට යටත්ව දෛනික කටයුතු පවත්වාගෙන යාමට උන්නදු කර ඇත.

ඒ අනුව රැස්වීම්/පුද්ගල හමුවීම් වැනි දෑ සඳහා ශාලාවේ ධාරිතාවයෙන් 1/3 ක උපරිමයක් යටතේ පිරිස් සහභාගී කරවාගත හැකිය.

අවන්හල් තුළ ආහාර ගැනීම් සඳහා එකවර උපරිම 75 දෙනෙකුට අවසර ලැබෙන අතර එළිමහනේ නම්  එය 100ක් දක්වා වැඩි කිරීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරාත්තේ.

එමෙන්ම නොවැම්බර් 16 වැනිදා සිට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සඳහා උපකාර පන්ති පැවැත්වීමට ද අවසර ලැබී ඇති අතර එකවර සහභාගී කරව ගත හැක්කේ සමස්ත ප්‍රමාණයෙන් 50%ක් පමණි.

විශ්ව විද්‍යාල සහ සෙසු උසස් අධ්‍යාපන ආයතන වෘත්තීය පුහුණු ආයතන සියල්ල ලබා දී ඇති උපදෙස් අනුව කටයුතු කළ හැකි බවයි එම මාර්ගෝපදේශ වල දැක්වෙන්නේ.