කුලී/බදු නිවැසියන්ට අනවසර පදිංචිකරුවන්ට ඡන්ද ලියාපදිංචිය

Picture of Roshan

Roshan


දම්පත් රණසිංහ

කුලී හෝ බදු නිවැසියන් මෙන්ම අනවසර පදිංචිකරුවන්ට ද තමන් පදිංචි එම ලිපිනයේ ඡන්දහිමියකු ලෙස ලියාපදිංචි විය හැකි බවත් දේපොළ අයිතිය පිළිබඳව එහිදී අවධානය යොමු නොකරන බවත් මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි වීම සඳහා පුරවැසියන්ට බාධා කිරීම අධිකරණයක් මගින් දඩයකට හෝ බන්ධනාගාර ගත කිරීමකට හෝ දෙකටම හෝ යටත් විය යුතු වරදක් බවද මැතිවරණ කොමිසම පෙන්වා දෙයි.

මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරන්නේ දෙන්නේ එලෙස ඡන්දය ලියාපදිංචිවීම සඳහා දේපළ අයිතිකරුගේ කැමැත්ත හෝ එකඟතාව ද අවශ්‍ය නොවන බවය.