සීනි සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට තීරණය කර ඇති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මාධ්‍යයට පැවසීය
සුදු සීනි කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 122ක් ලෙසත්, පැකට් කළ සුදු සීනි කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් ලෙසත් පාලන මිලක් පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය සැප්තැම්බර් 02 වනදා ගැසට් පත්‍රයක් නිකුත් කළේය.
එහිදී ආනයනකරු විසින් අලෙවි කළයුතු සුදු සීනි කිලෝග්‍රෑමයක උපරිම තොග මිල දැක්වුණේ රුපියල් 116ක් ලෙසය.
කෙසේවෙතත් මේ වනවිට වෙළෙඳපොළේ නැවතත් සීනි හිඟයක් මතුවී ඇතැයි පාරිභෝගිකයින් චෝදනා කරයි.
වෙළෙඳුන් පැවසුවේ රජය පැනවූ පාලන මිලට සීනි අලෙවි කළ නොහැකි බැවින් තමන් සීනි මිලදී ගැනීම අත්හිටවූ බවය.