නවතම පුවත්

වැලිසර දී මාරක රිය අනතුරක් ජිප් රියේ රියැදුරුට අවුරුදු 16 යි

Roshan

Roshan

වැලිසර සුසාන භූමිය ආසන්නයේ දී ඊයේ (04) පෙරවරුවේ, සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුරින් තුවාල ලැබූ තවත් තිදෙනෙක් රාගම ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති බව සඳහන් වේ.

අවුරුදු 16ක් වූ තරුණයෙකු විසින් අදාළ අධි සුඛෝපභෝගී මෝටර් රථය ධාවනය කර ඇති බව පොලීසිය පැවසීය.

කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ වැලිසර සුසාන භූමිය ආසන්නයේදී ඊයේ පෙරවරු 9ට පමණ එම අනතුර සිදුව තිබුණි.

කොළඹ සිට මීගමුව දෙසට ධාවනය වූ අධි සුඛෝපභෝගී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වූ යතුරු පැදි දෙකක, ත්‍රීරෝද රථයක සහ මෝටර් රථයක ගැටී තිබේ.

වේගය පාලනය කර ගැනීමට නොහැකිව අනතුරු සිදුව ඇති බවට මූලික පරීක්ෂණවලදි අනාවරණ වී තිබේ.

අනතුරින් යතුරු පැදිකරුවෙකු මියගිය අතර, පසු පැදිකරු බරපතළ තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණි.

තරුණයාගේ පියා පවසා තිබුණේ තමා වාහනය සෝදා තබා නාන කාමරයට ගිය අවස්ථාවේදී තම අවසරයකින් තොරව පුතා වාහනය රැගෙන ගොස් ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි