දම්පත් රණසිංහ
ආනයනික සහල් කිලෝ ග්‍රෑම් 01 ක් සදහා මෙතෙක් පනවා තිබුණු රුපියල් 65 ක් වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉදිරි මාස 6 සඳහා ශත 25 දක්වා අඩු කර තිබේ.
විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙම බදු අඩු කිරීම නොවැම්බර් 02 දා දාතමින් නිකුත් කළ රජයේ නිවේදනයකින් කර ඇත.
මෙම බදු අඩු කිරීමේ මාස 6 ක කාලය බලපැවැත්වෙනු ඇත.