නවතම පුවත්

එන්නත් මාත්‍රා දෙකම ගත් 700ක් කොවිඩ්වලින් මරුට

Roshan

Roshan

FILE PHOTO: A medical worker prepares a syringe at a coronavirus disease (COVID-19) vaccination center in Singapore, March 8, 2021. REUTERS/Edgar Su/File Photo

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් එන්නත් මාත්‍රා  දෙකම ලබාගත් 700කට අධික පිරිසක් කොවිඩ් රෝගය හේතුවෙන් මියගොස් ඇති බව මෙරට තුල සිදුකල විශේෂ සමීක්ෂණයකින් අනාවරණය වෙයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් කොළඹ ජාතික රෝහලේ, නේවාසික ශ්වසන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ආශා සමරණායක මහත්මිය සඳහන් කර සිටියේ, එම සමීක්ෂණය සැප්තැම්බර් මාසය දක්වා මෙරට සිදුවු සමස්ත කොවිඩ් මරණ ආශ්‍රයෙන් සිදුකළ බවය.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍යවරිය මෙසේද පැවසීය.

“11,699ක් මරණ සමීක්ෂණය කරලා තිබුණා සැප්තැම්බර් මාසයේ මැද. එයින් 714ක් ම එන්නත් දෙකම ලබාගත් අය. ප්‍රතිශතයක් විදියට 6.01%ක්. ඇයි මෙහෙම වෙන්නේ ඒ අයට, අධි අවදානම් ප්‍රශ්න තිබුණා. බෝ නොවන රෝග තියෙන අය එන්නත් ගත්තත් සමහර විට අමාරු වෙලා හිටියා.”

මේ අතර කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ පෙරේදා ද (03) දිනයේ පුද්ගලයින් 80,000කට ආසන්න පිරිසක් සඳහා එන්නත්කරණය සිදුකර තිබේ.

ඒ යටතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 47,089 දෙනෙකු සඳහාත් දෙවන මාත්‍රාව 19,891 දෙනෙකු සඳහාත් ලබාදී ඇති අතර තෙවන මාත්‍රාව ද පුද්ගලයින් 12,817 දෙනෙකු සඳහා ඊයේ දිනයේ ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

මේ වන විට මෙරට තුළ කොවිඩ් මර්දන එන්නත්කරණ සම්පූර්ණ කළ පුද්ගලයින් සංඛ්‍යාව 13,521,066 දෙනෙකු වේ.

එක් මාත්‍රාවක් හෝ ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව 15,718,509ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඊයේ දිනය වන විට තෙවන මාත්‍රාව ද පුද්ගලයින් 21,924 දෙනෙකු සඳහා ලබාදී තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා