නවතම පුවත්

දකුණු ආසියානුවන්ගේ ශරීර තුල, කොරෝනා අවදානම වැඩිකරන ජානයක්!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා ආසාදනයෙන් පෙනහලු අක්‍රිය වී මරණයට පත්වීමේ අවදානම දෙගුණ කරන ජානයක් දකුණු ආසියාවේ ජීවත්වෙන පුද්ගලයින් තුල ඇති බව  බ්‍රිතානයේ ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් විසින් සොයාගෙන තිබේ .

මෙම ජානය දකුණු ආසියානු පසුබිමක් සහිත පුද්ගලයන්ගෙන් සියයට 60 ක් තුළ පවතින බව අනාවරණ වී ඇති අතර දකුණු ආසියාතිකයන්ට කොරෝනා අවදානම වැඩි වශයෙන් බලපෑමේ හේතුව මෙය බවද  අනාවරණය වී ඇත .

මෙම ජානය යුරෝපීය සම්භවය සහිත පුද්ගලයන්ගෙන් සියයට 15 ක් තුළ දක්නට ලැබෙන බවත්, අප්‍රිකානු සහ කැරිබියානු සම්භවයක් සහිත පුද්ගලයන්ගෙන් සියයට දෙකක් තුළ සහ නැගෙනහිර ආසියානු සම්භවයක් සහිත පුද්ගලයන්ගෙන් සියයට 1.8 ක් තුළ මෙම ජානය හඳුනාගෙන ඇති බවයි විද්‍යාඥයින් පවසයි

ඔක්ස්ෆඩ් සරසවියේ පර්යේෂණ කණ්ඩායමේ මහාචාර්ය ජේම්ස් ඩේවිස් පෙන්වා දෙන්නේ කොරෝනා වසංගතයෙන් ඇතැම් ජන ප්‍රජාවන් වැඩි අවදානමකට ලක්වීම වටහාගත යුතු කරුණක් බවයි.

මෙම ජානය මගින් කොරෝනා වෛරසය පෙනහලුවලට ආසාදනය වීම පහසු කරවන අතර  එය වැළැක්වීමේ යාන්ත්‍රණය අක්‍රිය කරන බවද විද්‍යාඥයින් පවසයි . එහෙත් එමඟින් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපෑමක් ඇති නොකරන බවද ඔවුන් පවසති .

කෙසේ වුවත් එන්නත්කරණය තුළින් තවදුරටත් මෙම අවදානම වළක්වාගත හැකි බව ඔක්ස්ෆඩ් විද්‍යාඥයින් අවධාරණය කර සිටී ..

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි