නවතම පුවත්

ඉන්දීය ගුවන් හමුදාව ‘නැනෝ නයිට්‍රජන්’ පොහොර ගුවනින් රැගෙන එයි!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි ඉන්දීය ගුවන් හමුදාවේ භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානා දෙකක් විසින් නොවැම්බර් 4 වන දින අලුයම නැනෝ නයිට්‍රජන් පොහොර තොගයක් ශ්‍රී ලංකාවට ගුවන් මගින් රැගෙන එන ලදී.

ඒ අනුව නැනෝ නයිට්‍රජන් පොහොර කිලෝ 100,000ක් රැගත් ඉන්දීය ගුවන් හමුදාවේ C – 17 ග්ලෝබ්මාස්ටර් ගුවන් යානා දෙකක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා විය. කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ ක්‍රියාමාර්ගයට සහයෝගය දැක්වීම සහ ශ්‍රී ලාංකික ගොවි ජනතාවට කඩිනමින් නැනෝ නයිට්‍රජන් පොහොර ලබා දීම සඳහා මෙම ගුවන් යානා පිටත් කර එවන ලදී.

C-17 ගුවන් යානා මෙහෙයුම් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ සමීප සම්බන්ධීකරණය යටතේ සිදු කරන ලදී. ඉන්දීය ගුවන් හමුදා යානා ඉක්මනින් පිටත් කර එවීම සහ පොහොර තොග ගොඩබා ගැනීමේ කටයතු කඩිනමින් සිදු කිරීම දෙරට ගුවන් හමුදාවන් අතර පවතින සමීප සම්බන්ධීකරණය පිළිඹිබු කරයි. ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාෂල් ප්‍රසන්න පායෝ මහතා විසින් මෙම ගුවන් යානා පිළිගන්නා ලදී. එයාර් වයිස් මාෂල් පායෝ මහතා, අත්‍යාවශ්‍ය කාරණාවලදී ලබා දෙන කඩිනම් ප්‍රතිචාරයට සහ සහයෝගයට ඉන්දීය ගුවන් හමුදාවට සිය ස්තූතිය පළ ‍කළේය.

 

 

 

 

 

 

 

 

 

MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිදුවීමෙන් අනතුරුව යාත්‍රා කිරීමේ සුරක්ෂීතතාවය සහතික කිරීම සඳහා ඉන්දීය නාවික හමුදාවේ සර්වේක්ෂක් නෞකාව විසින් සමීක්ෂණ මෙහෙයුමක් 2021 ජූනි – ජූලි මාසවලදී ‍කොළඹට ඔබ්බෙන් වන මුහුදේදී සිදු කරන ලද බව මෙහිදී සිහිපත් කළ යුතුය. එසේම, ශ්‍රී ලංකාව මුහුණ දුන් සිව්වන කොවිඩ් රැල්ල අතරතුර ද්‍රව වෛද්‍ය ඔක්සිජන් ටොන් 100ක් සමඟ ඉන්දීය නාවික හමුදාවේ ශක්ති නෞකාව කොළඹට ළඟා විය.

ඉන්දීය රජයේ “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තියේ කොටසක් වශයෙන් ඉන්දියාව සැමවිටම තීරණාත්මක අවශ්‍යතාවයන් හිදී ශ්‍රී ලංකාවට සහය දක්වා ඇති අතර කලාපය තුළ “පළමු ප්‍රතිචාරකයා” වීම සඳහා ඉන්දියාව සතු හැකියාව සහ භූමිකාව නිරන්තරවම ප්‍රදර්ශනය කර ඇත.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි