නවතම පුවත්

කොවිඩ්වලින් වැටුණු අයට දුන් ණය සහන බිලියන 4000 පනී

Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

කොවිඩ්-19 වසංගතයෙන් බලපෑමට පත් ව්‍යාපාර සහ පුද්ගලයන්ට ලබා දුන් ණය සහන රුපියල් බිලියන 4,000 ඉක්මවා (රුපියල් බි. 4,083.8 ක්) ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

ඒ මිලියන 2.9 කට අධික ඉල්ලීම් ප්‍රමාණයක් අනුමත කරමිනි.

සෞභාග්‍යා ණය රුපියල් බිලියන 179ක අගය පසු කරන බව ද මහබැංකුව කියා සිටී.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අධීක්ෂණය කරන මූල්‍ය ආයතන මඟින් කොවිඩ්-19 හේතුවෙන් බලපෑමට පත් ණය ගනුදෙනුකරුවන්ට සහාය ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව යෝජනා ක්‍රම කිහිපයක් ක්‍රියාත්මක කර ඇත.

කොවිඩ්-19 හේතුවෙන් බලපෑමට පත් ණය ගනුදෙනුකරුවන් සඳහා ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කිරීම, සහනදායී පොලී අනුපාතික, කාරක ප්‍රාග්ධන ණය, ණය සහන සහ ණය පහසුකම් ප්‍රතිව්‍යුහගත කිරීම/ ප්‍රතිලේඛනගත කිරීම මෙම යෝජනා ක්‍රමවලට ඇතුළත් විය.

ඇඟලුම්, සංචාරක, වැවිලි, තොරතුරු තාක්ෂණය, කාර්ය සම්පාදන සේවා සැපයුම්කරුවන්, ත්‍රිරෝද රථ හිමිකරුවන්, පාසල් වෑන් රථ ක්‍රියාකරුවන්, ලොරි රථ, කුඩා භාණ්ඩ ප්‍රවාහන රථ හා බස් රථ වැනි බලපෑමට පත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බොහොමයකට සහ පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ට මෙම සහන බෙහෙවින් උපකාරී වී ඇත. ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මෙහිදී ප්‍රමුඛත්වය ලබා දී ඇත.

බලපත්‍රලාභී බැංකු විසින් ලබන මස 31 වැනිදා දක්වා සහ බැංකු නොවන මූල්‍ය ආයතන විසින් 2022.03.31 දක්වා දීර්ඝ කරන ලද මෙම සහන, රැකියා අහිමි වීම, ආදායම් අඩු වීම, ව්‍යාපාර කටයුතු දුර්වල වීම‍, ව්‍යාපාර වසා දැමීම යනාදී කරුණු හේතුවෙන් මූල්‍ය දුෂ්කරතාවලට මුහුණ දුන් ඉහත පාර්ශවයන් වෙත ලබා ද‍ීමට කටයුතු කර ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා