නවතම පුවත්

චීන පොහොර සමාගම වන්දි ඉල්ලයි

Roshan

Roshan

පැතුම් වික්‍රමරත්න

මතභේදයට තුඩු දී ඇති කාබනික පොහොර සැපයීමට කොන්ත්‍රාත්තුව හිමිකර ගත් චීන සමාගම ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලා එන්තර වාසියක් එවා  ඇති බව වාර්තාවේ .

ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂවරයා වෙත එම වන්දි ඉල්ලීමේ ලිපිය යවා ඇති බව වාර්තා වේ.

තමන්ට සිදු වූ අපකීර්තිය වෙනුවෙන් එම සමාගම ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලා ඇති බව සඳහන් විය.

මේ අතර අහිතකර බැක්ටීරියා අඩංගු බවට තහවුරුවීම නිසා ප්‍රතික්ෂේප කෙරුණු චීන කාබනික පොහොර තොගය රැගත් “HIPPO SPIRIT” නැමති නෞකාව මේ වනවිට කළුතර – බේරුවල මුහුදු සීමාවේ නැංගුරම්ලා ඇති බව වාර්තා වෙයි.

Marine Traffic වෙබ් අඩවිය ඒ බවට තොරතුරු වාර්තා කර ඇත.

හාබර් මාස්ටර් කැප්ටන් නිර්මාල් ද සිල්වා මහතාගෙන් අප කළ විමසීමක දී ඔහු සඳහන් කළේ නෞකාව කොළඹ වරායට පැමිණෙන බවක් තමාට දැනුම් දී නොමැති බවය.

අවශ්‍ය සැපයුම් ලබාගැනීම සඳහා නෞකාවට කොළඹ වරායට සේන්දු විය හැකි නමුත් එම අහිතකර කාබනික පොහොර තොග වරායට ගොඩබෑමට ඉඩක් නොමැති බව ද ඔහු සඳහන් කළේය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා