නවතම පුවත්

දැරියන් තිදෙනෙක් අතුරුදන්

Roshan

Roshan

දම්පත් රණසිංහ

කොළඹ කෙසෙල්වත්තේ මාටිස් පටුමගේ නිවසක පදිංචිව සිටි බාලවයස්කාර සහෝදරියන් තිදෙනෙක් අතුරුදන්වීමක් සම්බන්ධයෙන් පොලීසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භකර ඇත.

ෆාතිමා රක්ෂා (15) නැමැති දියණියත් ඇගේ නැගණිය වන ෆාතිමා කදීරා (13) සහ ගම්පොළ සිට පැමිණ සිටි ඥාති දියණියක් වන ෆාතිමා වාර්යා යන දියණියන් තිදෙනා මෙසේ අතුරුදන්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.

මෙම දියණිවරු තිදෙනා ඊයේ පෙරවරු 8.30 ට පමණ නිවසින් පිටව ගොස් ඇත්තේ නිවැසියන්ට හොරාය. නිවැසියන් ඊයේ දවසම ඔවුන් ගැන සොයා බැරිම තැන  ඊයේ අලුයම කෙසෙල්වත්ත පොලිස් ස්ථානයට පැමිණ ඒ ගැන පැමිණිල්ලක් කර තිබේ.

ඔවුන් ගමන් මලුද කලේ එල්ලාගෙන ගමන් කරන අයුරු ආරක්ෂක කැමරාවකද සටහන්ව තිබී ඇත. ඒ අනුව ඔවුන් සැළසුම් සහගතව නිවසින් පිටව ගොස් ඇති බව පෙනී යන බව පොලීසිය කියයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරන්නේ ඔවුන් නිවසින් යන විට මවගේ ජංගම දුරකතනයද සොරාගෙන ගොස් ඇති බවය.

මෙම අතුරුදන්වීම ගැන පොලීසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර ඇති අතර කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය සහ කෙසෙල්වත්ත පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා