ලොව පුරා කොවිඩ් ‍ආසාදිතයන් මිලියන 250 පනී

Picture of Roshan

Roshan

පැතුම් වික්‍රමරත්න

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 250 ඉක්මවා තිබේ.

ඒ, ලොවපුරා රටවල් රැසක් කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයේ බලපෑමට ලක්ව ඇති පසුබිමකදී ය.

සාර්ථකව කොරෝනා ව්‍යාප්තිය පාලනය කළ නවසීලන්තය වැනි රටවල් පවා මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදයේ බලපෑමට ලක්ව තිබේ.

ජාත්‍යන්තර සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ, ලොවපුරා රටවල් 55 ක, මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවය.

අකර්මණ්‍ය වී තිබූ ජාත්‍යන්තර වෙළෙඳාම සහ සංචාරක කර්මාන්තය යළි ආරම්භ කර ඇති පසුබිමක ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම අනතුරුදායක බව සෞඛ්‍ය විශ්ලේෂකයින් පෙන්වා දෙයි.