නවතම පුවත්

පූර්ණ එන්නත්කරණයට ලක්වූ සමාජයක් තුල ඔමික්‍රෝන් ව්‍යාප්තිය ඉතා අවමයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට  දැඩි සත්කාර ඒකකවලට ඇතුලත් කරන බොහෝ පිරිස් කිසිදු එන්නත් මාත්‍රාවක් ලබා නොගත් අය බව අනාවරණය වී ඇත ..

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකක පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඇන්තනී මෙන්ඩිස් පැවසුවේ එන්නත් මාත්‍රා දෙකක් පමණක් ලබාගත් පුද්ගලයින්ටද  වෙනත් සංකූලතා හේතුවෙන් දැඩි සත්කාර ඒකකවලට ඇතුලත් වන තත්ත්වයක් පෙන්නුම් කරන බවයි.

කෙසේ වෙතත් එන්නත් මාත්‍රා තුනම ලබාගත් පුද්ගලයින්ට ,ඔමික්‍රෝන් ප්‍රභේදයේ බලපෑම අවම බවද මෙහිදී පෙනී ගොස් ඇති බව ඒ මහතා පැවසීය .ඔමික්‍රෝන් ප්‍රභේදය  සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් නොකරන බව පෙනුනත් , එය තවමත පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයි සොයමින් පැතිර යන බව ඒ මහතා පැවසීය .

පූර්ණ එන්නත්කරණයට ලක්වූ සමාජයක් තුල ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය ඉතා අඩු මට්ටමක පවතින බවත් ඒ අනුව සියලුම දෙනා තම බූස්ටර් එන්නත් මාත්‍රාවද ලබාගැනීම සමාජ වගකීමක් වන බවත් ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය .

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා