බටහිර යුධ ප්‍රචාරණය අසාර්ථකයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

“2022 පෙබරවාරි 15 බටහිර යුද ප්‍රචාරණය අසාර්ථක වූ දිනය” ලෙස රුසියාව විසින්  ප්‍රකාශයට පත් කර ඇත.

රුසියානු හමුදා යුක්රේන දේශසීමා ආසන්නයේ සිදුකල යුද අභ්‍යාස නිම කිරීමෙන් පසු නැවත තම සේනාංක කඳවුරු වෙත ගමන් කරන බව රුසියාව නිවේදනය කර ඇති අතර , ඒ අනුව එම හමුදා භට පිරිස් මේ වනවිට යුක්‍රේන සීමාවෙන් ඉවත්ව යමින් සිටී .

ඒ අනුව රුසියානු හමුදා යුක්‍රේනයට එරෙහිවා  පූර්ණ ආක්‍රමණයකට අණදීම තවත් සුළු මොහොතකින් සිදු විය හැකි බවට යුරෝපා රටවල් සිදුකල අනාවැකි අසත්‍ය බව ඔප්පු වී ඇති බව රුසියානු විදේශ අමාත්‍යාංශය පවසයි , ඒ අනුව තම රට , කිසිදු  වෙඩි තැබීමකින් තොරව බටහිර රටවල් විනාශ කළ බවද රුසියානු විදෙස් අමාත්‍යංශය අවධාරණය කර ඇත  ..

විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මරියා සකරෝවා ප්‍රකාශයක් නිකුත් කරමින්, මොස්කව්හි සන්නද්ධ හමුදාවන්ට තම අසල්වැසියාට එරෙහිව ආක්‍රමණයක් තවත් පැය කිහිපයක් ගත විය හැකි බවට එක්සත් ජනපද හා යුරෝපීය නිලධාරීන්ගේ සතිපතා වාර්තා සහ ප්‍රකාශයන් පිලිබඳව අප්‍රසාදය පළ කළාය.

”2022 පෙබරවාරි 15 බටහිර යුද ප්‍රචාරණය අසාර්ථක වූ දිනය ලෙස ඉතිහාසගත වනු ඇත,” රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මරියා සකරෝවා පැවසුවාය. ”එක වෙඩිල්ලක්වත් නොතබා බටහිර රටවල් ලැජ්ජාවට විනාශට පත් කළ බව ඇය වැඩිදුරටත් පැවැසුවාය.