මරණයකදී , PCR පරීක්ෂණය අනිවාර්ය නැහැ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නව මාර්ගෝපදේශයක් නිකුත් කර ඇත . ඒ පුද්ගල මරණ සම්බන්ධයෙන් සිදුකරනු ලබන PCR පරීක්ෂණ සම්බන්ධවයි.

ඒ අනුව රෝහල් තුලදී හෝ ඉන් පිටත සිදුවන පුද්ගල මරණ සම්බන්ධයෙන් මෙතෙක් පැවති අනිවාර්ය PCR පරීක්ෂණ ක්‍රමවේදය ඉවත් කර තිබෙ

පුද්ගල මරණයකදී සිදුකරනු ලබන පශ්චාත් මරණ පරීක්ෂණයේදී අදාළ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ගේ අභිමතය අනුව පමණක් PCR පරීක්ෂණය සිදුකළ හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නව මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වන්නේ.

සිදුකරනු ලබන PCR පරීක්ෂණය අනුව මියගිය පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙකු බව තහවුරු වුවහොත් එම පුද්ගලයාගේ අවසන් කටයුතු දැනට ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදුකළ යුතු බවයි සඳහන් කර ඇත්තේ.