කොරෝනාවට සමාන තවත් වෛරස කාණ්ඩ තුනක් හඳුනාගනී !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලාඕසයේ වෛද්‍ය විශේෂඥයින් විසින් සිදුකරන ලද පරීක්ෂණයකදී තවත් වෛරස් කාණ්ඩ 03ක් හඳුනා ගෙන ඇති බව වාර්තා වේ  මෙම වෛරස් කාණ්ඩ මිනිස් සිරුරට ඇතුල්වීමේ අවදානමක් පවතින බව ඔවුන් සඳහන් කර සිටි.

BANAL-103, BANAL-236 සහ BANAL – 52 යනුවෙන් නම් කර ඇති  මෙම වෛරස් කාණ්ඩ 03 මේ වන විට ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති SARS-CoV-2 යනුවෙන් හඳුන්වන කොවිඩ් වෛරසයට අයත් බවට හඳුනා ගෙන ඇත.

මෙම වෛරස් කාණ්ඩ 03 හඳුනා ගෙන ඇත්තේ වවුලන් ආශ්‍රිතව සිදුකරන ලද පරික්ෂණයකදීය.

මෙම වෛරස් කාණ්ඩ 03 තුලම ස්පයික් ප්‍රෝටීන් වැඩි වශයෙන් දක්නට ලැබෙන අතර එමගින් වෛරසය මිනිසාගේ ශ්වසන පද්ධතියට ඇතුල්වීමෙන් පසු එහි ඇලී සිටීමේ වැඩි හැකියාවක් පවතින බවයි විද්‍යාඥයින් පවසන්නේ.

එමෙන්ම මෙම වෛරස් කාණ්ඩ 03ට ඉතා පහසුවෙන් මිනිස් සිරූරට ඇතුල්වීමට ඉඩකඩ පවතින බවද එම විද්‍යාඥයින් සඳහන් කරන්නේ.