කෝටි භාගයක් වටිනා “කොස් ගෙඩිය” මෙන්න !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලන්ඩනයේ විශාලතම සහ පැරණිතම පළතුරු සහ එළවළු වෙළෙඳහලක ස්ටාර්ලිං පවුම් 160ක් හෙවත් රුපියල් 44130ක් වටිනා කමකට විකිනීමට තිබු ” කොස් ගෙඩියක්”  බී බී සී  පුවත් සේවයේ  මාධ්‍යවේදියකු වූ රිකාර්ඩෝ සෙන්රා හට නෙත ගැටී ඇත.

පසුව ඔහු මෙහි  ඡායාරූපයක් ගෙන ඔහුගේ ඉන්ස්ටග‍්‍රෑම් ගිණුමේ සහ ට්වීටර් ගිණුමේ ඇතුළත් කර ඇත.

ඒ සමගම සමාජ මාධ්‍ය තුලද මේ පිළිබඳව විශේෂ කතාබහක් මතුවී ඇති අතර , බී බී සී පුවත් සේවයේද මේ පුවත සඳහා විශේෂ ඉඩක් වෙන්වී තිබිණ .

මෙසේ රුපියල් 44130 කට කොස් ගෙඩියක් විකිණීමට තබා ඇත්තේ බි‍්‍රතාන්‍ය යේ පැරණිතම සහ විශාලතම බරෝ පොදු වෙළඳ සංකීරණයේ වෙළඳසැලක් තුළය. ට්වීටර් පරිශීලකයන් විශාල සංඛ්‍යාවක් මින් විමතියට පත් වී ඇති අතර ඔවුන් පවසා ඇත්තේ නිවර්තන කලාප රටවල සිටින පුද්ගලයන් කොස් විකුණා බිලියන පතියන් වීමේ අදහසින් බි‍්‍රතන්‍ය යට පැමිණෙනු ඇති බවයි.

බොහෝ රටවල ගස්වල තිබෙන කොස් ගෙඩි අපතේ යන විට බි‍්‍රතාන්‍ය යේ කොස් ගෙඩියක් මෙතරම් මිලකට අලෙවි වන්නේ ඇයිදැයි ට්විටර් පරිශීලකයන් ප‍්‍රශ්න කරයි.

මුදල් නොගෙවා ගස්වලින් පලතුරු නොමිලයේ ගත හැකි තැන් බොහෝ ඇත, නමුත් අවම වශයෙන් බ්‍රසීලයේ බොහෝ පලතුරු වීදිවල කුණු වේ. එසේ නම් ඇතැම් දේශීය පාරිභෝගිකයින්ට නොතේරෙන තනි පලතුරක මිල මෙතරම් ඉහළ යාමට හේතුව සහ පසුගිය කාලයේ ජාත්‍යන්තර වශයෙන් ඒ සඳහා ඇති ඉල්ලුම ඉහළ යාමට හේතුවට විශේෂඥයින් පවසන්නේ එක්සත් රාජධානිය ඇතුළු සීතල රටවල කොස් වාණිජ පදනමින් වගා කළ නොහැකි බවත් ඇතැම් කාලවලදී පමණක් ලබා ගත හැකි වීම සහ එහි විශාල බර සහ ප්‍රමාණය විය හැකි බවයි,