නවතම පුවත්

‘චර්නොබල්’ න්‍යෂ්ටික බලාගාරය රුසියානු හමුදා අතට – යුරෝපයටම දැඩි අවදානමක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

යුක්රේනය සහ රුසියානු හමුදාවන් අතර ඇතිවූ බිහිසුණු යුද ගැටුමකින් අනතුරුව යුක්රේනය පාලනයේ පැවති චර්නොබල්   න්‍යෂ්ටික බලාගාරය ඇතුළු එම ප්‍රදේශයේ බලය තහවුරු කර ගැනීමට රුසියානු හමුදාව සමත්ව ඇත

යුක්රේන අගනුවරට සැතපුම් 60ක් උතුරින් පිහිටි චර්නොබ්ල්  න්‍යෂ්ටික බලාගාරය පිහිටි කලාපයේ ඊයේ සවස් කාලයේදී බෙලරුස් හි සිට පැමිණි රුසියානු යුද සේනාංක ආක්‍රමණය කිරීමට උත්සාහ කිරීමත් සමග දෙපාර්ශවය අතර දරුණු ගැටුම් හටගනු ලැබිණ .

1986 වර්ෂයේදී පිපිරීමකට ලක්වූ මෙම න්‍යෂ්ටික බලාගාරයෙන් විහිදී ගිය විකිරණශීලි ධාරාවන් යුක්රේනය, බෙලරුස් සහ යුරෝපයේ රටවල් රැසකට බලපෑම් එල්ල කරන ලදී. පසුව එම බලාගාරයේ පිහිටි න්‍යෂ්ටික අපද්‍රව්‍ය ගබඩා කිරීමේ සංකීර්ණ වල තබා තිබෙන අතර මේ වන විට ගැටුම් ඇතිවී තිබෙන්නේ එම කලාපය තුලය .

කෙසේ වුවත් එම න්‍යෂ්ටික අපද්‍රව්‍ය ගබඩා සංකීර්ණයට මෙම යුද ගැටුම් හේතුවෙන් කුමන තත්ත්වයක් අත්වි ඇත්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත .

යම් හෙයකින් න්‍යෂ්ටික අපද්‍රව්‍ය ගබඩා කර ඇති පහසුකම් විනාශ වුවහොත් ඉන් පිටවන විකිරණශීලීත්වය යුක්රේනය, බෙලරුස් සහ යුරෝපා කලාපයටම දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවට යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ උපදේශක ඇන්ටන් ජෙරෂ්චෙන්කෝ අනතුරු අඟවා ඇත

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි