IOC ඉන්ධන මිල ආයෙත් ඉහළ දමයි

Picture of අසංක

අසංක

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (IOC) අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබේ.

ඒ අනුව එම සමාගමේ සියලුම වර්ගයේ ඩීසල් මිල රුපියල් 15කින් ඉහළ නංවා ඇත.

එමෙන්ම පෙට්‍රල් ලීටරයක මිල ද රුපියල් 20කින් ඉහළ නංවා ඇත.

ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 204කි.

IOC සමාගමේ ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 139ක් වනු ඇත.

ලංකා IOC සමාගම පසුගිය 06 වනදා ද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දැමීය.